සත්කාරක ශ්රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය පස්වරු. 2.30ට ආරම්භ වුණා.
ඒ මහනුවර පල්ලෙකැලේ ක්රිකට් ක්රීඩාංගණයේදීයි.
තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 81ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ අනුව මේ වන විට මෙම තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සුළු වේලාවකට නවත්වා තිබෙනවා.
(colombotimes.lk)