12 July 2025

logo

සනත්ගේ ස්ථානය දිමුත් ගනියි



ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කරගත් සිව්වන ක්‍රීඩකයා වීමට දිමුත් කරුණාරත්න අද (01) සමත් වුණා.

ඒ, එංගලන්තය සමඟ මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමේ දී ලකුණු ලකුණු 55ක් රැස්කර ගැනීමත් සමඟයි.

ඒ සමඟින් දිමුත් මේ දක්වා ටෙස්ට් පිටියේ රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව ලකුණු 6990ක්.

මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස් කරගෙන තිබෙන්නේ කුමාර් සංගක්කාරයි.

ඔහු ටෙස්ට් තරග 134ක් තුළ ලකුණු 12,400ක් රැස් කරගෙන තිබෙනවා.

දෙවන ස්ථානයේ ලකුණු 11,814ක් රැස් කරමින් මහේල ජයවර්ධන සහ තෙවන ස්ථානයේ ලකුණු 7,731ක් රැස් කරමින්  ඇන්ජලෝ මැතිව්ස් රැඳී සිටිනවා.

මේ අතර දිමුත් ටෙස්ට් ලකුණු 6990ක් රැස් කරගැනීමත් සමඟ ටෙස්ට් ලකුණු 6,973ක් ලබා ගෙන 4වන ස්ථානයේ රැඳී සිටි සනත් ජයසූරිය එහි 5වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.



(colombotimes.lk)