05 February 2026

logo

අද සවස් කාලයේදී තැනින් තැන වැසි



බස්නාහිර, නැගෙනහිර, ඌව, සබරගමු පළාත්වලත් මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, වයඹ පළාත්වල විටින් විට තරමක් තද සුළං ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
(colombotimes.lk)