22 January 2026

logo

අසිතට විශේෂ ස්ථානයක්



ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ලෝඩ්ස් ගෞරව පුවරුවේ ස්ථානයක් හිමි ගැනීමට අද (30) සමත් වී තිබෙනවා.

ඒ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමු ඉනිමේ අසිත කඩුලු 5ක් බිඳ හෙලීමත් සමඟයි.

ලෝර්ඩ්ස් පිටියේදී ටෙස්ට් තරගයකදී හෝ සීමිත ඕවර තරගවලදී ශතකයක් රැස් කළ, එක් ඉනිමකදී කඩුලු 5ක් දවාගත් හෝ තරගයකදී කඩුලු 10ක් දවාගත් ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙම ගෞරවනීය අවස්ථාව හිමි වනවා.

(colombotimes.lk)