28 January 2026

logo

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම ප්‍රංශයට



ප්‍රංශයේ පැවැත්වෙන 33 වන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සදහා තරුෂි කරුණාරත්න, දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ඊයේ (24) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනෙක් සුදුසුකම් ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

විරේන් නෙත්තසිංහ, නදීෂා දිල්හානි ලේකම්ගේ, තරුෂි කරුණාරත්න, ගංගා සෙනවිරත්න, කයිල් අබේසිංහ සහ අරුණ දර්ශන ඊට ඇතුළත්.

(colombotimes.lk)