22 November 2024


ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට



ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ICC ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීමත් සමඟයි.

මෙම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ඉන්දීය කණ්ඩායමත් දෙවන ස්ථානය ඕස්ට්‍රේලියා කණ්ඩායමත් ලබා ගෙන තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායම එහි රැඳී සිටින්නේ 4 වන ස්ථානයේයි.



(colombotimes.lk)