02 April 2025

INTERNATIONAL
POLITICAL


ප්‍රබල අකුණු ගැන අදත් අනතුරු අඟවයි



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, දකුණ, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි ඉඩ කඩක් පවතින බව එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

(colombotimes.lk)