05 February 2026

logo

හෙටත් ප්‍රදේශ කිහිපයක උණුසුම වැඩි වෙයි



උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්, කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම 'වැඩි අවධානයක්' යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම ඉහළ යනු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.