15 February 2026

logo

SL Vs NZ - Test | දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි



ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනයේ තරග අද පැවැත්වෙනවා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු‍ 5ක් දැවී ලකුණු 602ක් ලබා සිටියදී ඊයේ ඉනිම අත්හිටවනු ලැබුවා.

එහිදී නොදැවී කඩුල්ලේ රැඳී සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 182ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 106ක් ලබා ගත්තා.

ඊයේ (27) දිනයේ කමිදු මෙන්ඩිස් සිය ටෙස්ට් ලකුණු 1,000 පසු කරමින් තෙවන වේගවත්ම ටෙස්ට් ලකුණු දහසේ වාර්තාව සම කිරීමට සමත් වුණා.

colombotimes.lk