18 July 2025

logo

"TIGER - 3" තිරගත වීමටත් ප්‍රථම ආදායම් වාර්තා තබයි (VIDEO)



බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු සල්මාන් ඛාන් රංගනයෙන් එක්වන 'ටයිගර් -3' චිත්‍රපටය නිකුත් වීමට තවත් දිනක් ඉතිරිව තිබියදිම ඉන්දීය රුපියල් කෝටි 12.4 ක අධික මුදලක ප්‍රවේශපත්‍ර අලෙවි වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. 

ඉන්දීය රුපියල් බිලියන 3ක මුදලක් වැය කරමින් නිෂ්පාදනය කර ඇති 'ටයිගර් -3' චිත්‍රපටය හෙටට යෙදී ඇති දීපාවලී උත්සව දිනයේදී තිරගත වීමට නියමිතයි. 
 
අද වන විට එම මුදල ඉන්දීය රුපියල් කෝටි 20 ඉක්මවනු ඇති බවයි බොලිවුඩ් සිනමා විචාරකයන් දැනටමත් අනාවැකි පළ කර ඇත්තේ. 
 
තිරගත වන පළමු දිනයේදී කෝටි 40ක ආදායමක් උපයා ගනු ඇති බවට ද අනාවැකි පළ වී තිබෙනවා. 
 
සල්මාන් ඛාන් සමඟ කත්රිනා කයිෆ්, එම්රාන් හෂ්මි, රිද්දී ඩොග්රා සහ විශාල් ජෙත්වා රංගනයෙන් දායක වන ‘ටයිගර් -3‘ චිත්‍රපටය 2017දී තිරගත වූ ටයිගර් චිත්‍රපටයේ දිගුවක් බවත් වාර්තා වනවා.
(colombotimes.lk)