02 April 2025

INTERNATIONAL
POLITICAL


අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්



දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
(colombotimes.lk)