28 January 2026

logo

20න් පහළ කාන්තා වොලිබෝල් කණ්ඩායම අවසන් මහා තරගයට



මාලදිවයිනේ මාලේ නගරයේදී පැවැත්වෙන අවුරුදු 20න් පහළ මධ්‍යම ආසියානු කාන්තා කනිෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඔවුන් නේපාලය පරදා අවසන් තරගයට සුදුසුකම් ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
 
ඒ අනුව අවසන් මහා තරගය අද (23) මෙරට වේලාවෙන් රාත්‍රී 9.00ට පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)