02 April 2025

INTERNATIONAL
POLITICAL


ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනයට විශේෂ ආරක්ෂාවක්



ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ ඡන්ද පෙට්ටි නිකුත් කරන මධ්‍යස්ථාන අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හෙට (20) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා සිදු කිරීමට නියමිතයි.

ඒ සඳහා සුදුසුකම් ලබා තිබෙන ඡන්ද දායකයන් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)