15 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ තද වැසි



දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන්. 
 
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. 
 
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකි වනවා. 
 
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)