22 November 2024


තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි



උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනයෙන් පසුව අපේක්ෂා කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එහි සඳහන්. 
 
ඌව පළාතේ, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි. 
 
උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එහි සඳහන් වනවා. 
 
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)