15 February 2026

logo

ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්



මධ්‍යම සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති. 
 
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වනවා.
(colombotimes.lk)