දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවන බව ද එම නිවේදනයේ සඳහන්.
සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.
වයඹ පළාතේ උදෑසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි වනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)