15 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්



උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්. 
 
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති. 
 
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
(colombotimes.lk)