11 July 2025

logo

පළාත් කිහිපයක තැනින් තැන වැසි



උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද එහි සඳහන්. 
 
හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා. 
 
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
(colombotimes.lk)