31 October 2025

logo
INTERNATIONAL
POLITICAL


ලොව විශාලතම සිනමා නගරය ඉන්දියාවෙන්



ඉන්දියාවේ හයිද්‍රාබාද්හි අබ්දුල්ලා පුර්මෙට්හි පිහිටි Ramoji Film City ලොව විශාලතම සිනමා නගරය ලෙස නම් කර තිබෙනවා.

මෙය අක්කර 1,666 (හෙක්ටයාර 674) පුරා පැතිරී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙය ලොව විශාලතම චිත්‍රපට චිත්‍රාගාර සංකීර්ණය වන අතර ගිනස් ලෝක වාර්තා මඟින් එය සහතික කර තිබෙනවා.

මෙය 1996 වර්ෂයේදී රාමෝජි රාඕ විසින් ඉදිකර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)