29 January 2026

logo

යාගි මියන්මාරයෙන් බිලි ගත් ජීවිත ගණන ඉහළට



යාගි සුළි කුණාටුව හේතුවෙන් මියන්මාරයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 236ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 86 දෙනෙක් අතුරුදන් වී ඇති බවයි.

එමෙන්ම යාගි සුළි කුණාටුව වියට්නාමය, තායිලන්තය, ලාඕසය හරහාද හමා ගිය අතර ඉන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 500කට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා.   

(colombotimes.lk)