31 July 2025

logo
INTERNATIONAL
POLITICAL


සිම්බාබ්වේ T20 වාර්තා පොත අලුත් කරයි



ජාත්‍යන්තර T20 තරගයක කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (23) සමත් වුණා.

ඒ ගැම්බියා කණ්ඩායමට එරෙහිව අද පැවති තරගයේදී කඩුලු 4ක් දැවී ලකුණු 344ක් රැස් කර ගැනීමත් සමඟයි.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායමේ නායක සිකන්දර් රාසා පන්දු 43කදී ලකුණු 133ක් රැස් කරගත්තා.

මොංගෝලියාවට එරෙහිව නේපාලය කඩුලු 3කට රැස් කරගෙන තිබූ ලකුණු 314 ජාත්‍යන්තර T20 තරගයක කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මීට පෙර වාර්තා වුණා.

(colombotimes.lk)