15 February 2026

logo

ඕපනායක ප්‍රදේශයේ නාය යාමක් සක්‍රීය වෙයි



බලන්ගොඩ ඕපනායක, උඩවෙළ හොරංකදුර ප්‍රදේශයේ ඇති නිවාස කිහිපයකට ඉහළින් ඊයේ සවස නාය යෑමක් සක්‍රිය වී තිබෙනවා. 

ඒ ප්‍රදේශයට පැවති අධික වර්ෂාවත් සමඟයි. 
 
විශාල ගස් සමඟ භුමිය මෙලෙස නාය යෑමට ලක්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. 
 
මේ හේතුවෙන් එම නාය යෑම සිදුව ඇති ස්ථානයට පහලින් තිබෙන නිවාසවලට අවදානම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. 
 
මීට මාසයකට පෙර නාය යෑමක් හේතුවෙන් නිවසක් මුළුමනින්ම පස් වලින් යට වීම හේතුවෙන් එකම පවුලේ හතර දෙනෙකු මියගිය ප්‍රදේශයට ආසන්නව මෙය සක්‍රීය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)