බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (25) මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එහි දැක්වෙන්නේ පෙර-මෝසම් කාලගුණික තත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.
දිවයින පුරා විටින් විට පැ.කි.මී. (30-40) පමණ තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
(colombotimes.lk)