15 February 2026

logo

චීනය නිසා Barbie චිත්‍රපටයට තහනමක්



වියට්නාමය විසින් Barbie චිත්‍රපටය තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඒ, එම චිත්‍රපටයේ දකුණු චීන මුහුදේ 'නයින්-ඩෑෂ් ලයින්' හිමිකම් නිරූපණය කරන සිතියමක් ඇතුළත් වීම හේතුවෙන්. 
 
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඕස්ට්‍රේලියානු නිළි Margot Robbie විසින් නිරූපනය කරනු ලබනවා. 
 
Barbie චිත්‍රපටය වියට්නාමයේ තහනමට ලක්ව ඇත්තේ එය තිරගත වීමට නියමිතව තිබූ දිනයේදී වීම විශේෂත්වයක්.
(colombotimes.lk)