05 February 2026

logo

කාලගුණයේ වෙනසක් - අකුණු ගැන අනතුරු අඟවයි



අද (11) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදියි මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ.

අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(colombotimes.lk)