03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


දිය ඇල්ලක් අසල ක්‍රිකට් ක්‍රීඩාංගණයක්



අප්‍රිකාවේ වඩාත් ආකර්ෂණීය දිය ඇල්ලක් ලෙසින් සැලකෙන වික්ටෝරියා දිය ඇල්ල අසල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සිම්බාබ්වේ රජය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ජනාධිපතිවරයා විසින් පසුගියදා එහි ඉදිකිරීම් සඳහා මුල්ගල තබා ඇති බවයි.

මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අවසන් වූ පසු ලොව වඩාත් මනරම් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

Mosi-oa-Tunya ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසින් නම් කර තිබෙන එය ආසන 10,000කින් සමන්විත වී තිබෙනවා.

ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වසර 2කින් පමණ අවසන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)