19 September 2025

logo
INTERNATIONAL
POLITICAL


කලාවැවේ හදිසි වාන් දොරටු දෙක යළි විවෘත කරයි



කලාවැවේ හදිසි වාන් දොරටු දෙක යළි විවෘත කිරීමට කලාවැව ජලාශ භාර කාර්යාලය පියවර ගෙන තිබෙනවා. 

ඒ කලාවැව ආශ්‍රිත ජල පෝෂක ප්‍රෙද්ශවලට පවතින වර්ෂාව හේතුවෙන් කලාවැවේ ජල මට්ටම නැවත ඉහළ යාම නිසයි. 
 
ඒ අනුව අද (10) උදෑසන 8.30 වනවිට කලාවැව හදිසි වාන් දොරටු දෙක, එකක් අඩි 10 බැගින් විවෘත කිරීමටයි කලාවැව ජලාශ කාර්යාලය පියවර ගෙන ඇත්තේ. 
 
එමඟින් තත්ත්පරයට ඝන අඩි 9,817ක ජල ප්‍රමාණයක් කලාඔයට මුදා හැරෙනවා. 
 
එමෙන්ම කලාවැව ජලපෝෂක ප්‍රදේශ ඔස්සේ මේ වනවිට තත්පරයට ඝන අඩි 9,395ක ජල ප්‍රමාණයක් තව දුරටත් කලාවැවට එක්වෙමින් පවතිනවා. 
 
මේ වනවිට කලාවැවේ සමස්ථ ජල ධාරිතාවය අක්කර අඩි 87,097ක්ව පවතින අතර ගෙවුණු පැය 24 තුළ කලාවැව ප්‍රදේශයට මීලි මීටර් 31ක වර්ෂාවක් ද ලැබී තිබුණා.
(colombotimes.lk)