05 February 2026

logo

පළාත් කිහිපයකට සවස් කාලයේදී වැසි



බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම අද දිනයේ නැගෙනහිර පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව වැඩිදුරටත් සඳහන්.

 
(colombotimes.lk)