15 February 2026

logo

ගංගා කිහිපයක් අවට පහත් බිම්වලට ගං වතුර අවදානමක්



නිල්වලා සහ කුඩා ගංගා සම්බන්ධයෙන් නිකුත් කළ ගංවතුර අවදානම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

එමෙන්ම කුඩා ගඟ පිටාර තැන්නේ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට සුළු ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. 
 
ඒ කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන්. 
 
මේ හේතුවෙන් එම ගංගා අවට පහට් බිම්වල ජනතාවට විමසිලිමත්වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දෙනවා.
(colombotimes.lk)