21 January 2026

logo

රන් පදක්කම සමඟ ලැබුණු රන් මුදුව



චීන බැඩ්මින්ටන් ක්‍රීඩිකා හොං යා කියොං 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මිශ්‍ර යුගල ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

පසුව ඇයගේ ආදරවන්තයා සහ කණ්ඩායම් සගයෙකු වන ලියූ යූ චෙන් විසින් කියොං පුදුම කරමින් ඇයට විවාහ යෝජනාවක් ගෙන ආවා.

මෙම යෝජනාව ඔහු විසින් ගෙන ආවේ ඇයට රන් මුදුවක්ද පළඳවමින්.

ඔවුන්ගේ ජයග්‍රහණයෙන් පසු ඇති වූ මෙම ආදරණීය මොහොත ලොව පුරා ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගත් අතර සමාජ මාධ්‍යවලත් ඉහළ ප්‍රතිචාර හිමි වුණා.

(colombotimes.lk)