29 January 2026

logo

රුසියාවේ හෙලිකොප්ටර් අනතුරක්



රුසියාවේ අමූර් ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ගුවන් නියමුවෙක් සහ එහි සිටි මගීන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයන් 20 දෙනෙක් පමණ සිට ඇති බවයි.

හෙලිකොප්ටරය ගුවන්ගත වී විනාඩි කිහිපයකට පසුව එහි සබඳතා බිඳ වැටී තිබෙන අතර පසුව සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව යානයේ සුන්බුන් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)