17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


තිස්ස කුට්ටිආරච්චිගෙන් අරගල නියෝජිතයින්ට ආරාධනයක්



එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලබා ගැනීම සඳහා අරගලය නියෝජනය කරන තරුණ තරුණියන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණයන් බහුතරයක් සිටින පක්ෂයක් බවයි.

අද (07) නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)