ෂාරුක් ඛාන් ගේ නවතම චිත්‍රපටය වන 'Jawan' ගෝලීයව උපයා ගත් ආදායම ඉන්දීය රුපියල් කෝටි 1,000 කට ආසන්න වී තිබෙනවා.
ඒ අනුව එහි තිරගත වීම ආරම්භ වී 13 වැනි දිනයේදී ඉන්දීය රුපියල් කෝටි 907.5 ක ආදායමක් ලබා ගනිමින් ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දියාව තුළ පමණක් 'Jawan' චිත්‍රපටය ලැබූ අදායම ඉන්දීය රුපියල් කෝටි 500 පසුකර තිබෙන බව එම වාර්තා පෙන්වා දෙනවා.
'Jawan' චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 1,000 ක ආදායමක් කරා යන ගමනේදී වාර්තා කිහිපයක්ද බිඳ දැමීමට සමත් වී තිබෙනවා.
තිරගත වීම ආරම්භ කර දිනයේ ගෝලීයව වැඩිම අදායමක් ඉපැයූ හින්දි චිත්‍රපටය 'Jawan' වනවා. ඒ අනුව 'Jawan' චිත්‍රපටය පළමු දිනයේදී ගෝලීයව ඉන්දීය රුපියල් කෝටි 129.6 ක් උපයා ගැනීමට සමත් වුණා.
එසේම ඉන්දියාව තුළද තිරගත කිරීම ආරම්භ කර දිනයේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය ද 'Jawan' වනවා.
එසේම එදාමෙදා තුර දිනක් ඇතුලත වැඩිම ආදායමක් උපයා ගත් ඉන්දියානු චිත්‍රපටයද 'Jawan' වන අතර ජවාන් චිත්‍රපටය එක් දිනක් තුළ කෝටි 80ක ආදායමක් ලබා ගෙන තිබුණා.
එමෙන්ම පළමු දින තුන තුළ ඉන්දීය රුපියල් කෝටි 200 ක අදායමක් උපයා ගත් පළමු බොලිවුඩ් චිත්‍රපටයද 'Jawan' වනවා.
එපමණක් නොව අඩුම කාලයක් තුළ ඉන්දීය රුපියල් කෝටි 400 ක අදායමක් ලැබූ බොලිවුඩ් චිත්‍රපටයද 'Jawan' බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)