02 April 2025

INTERNATIONAL
POLITICAL


ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ රතු අනතුරු ඇඟවීම්



ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. 
 
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොළ, ඉඹුල්පේ, බළන්ගොඩ, ඕපනායක සහ කොළොන්න ප්‍රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන වලංගු වනවා. 
 
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ප්‍රදේශයට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. 
 
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට ප්‍රදේශය සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක්ද දොළුව සහ පස්බාගේ කෝරළේ සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා. 
 
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශය සඳහාද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 
 
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)