05 February 2026

logo

ගත වූ පැය 24 තුළ දී කුරුණෑගල ගිනියම් වෙයි



අද (17) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව එම අගය සෙල්සියස් අංශක 38.3ක් ලෙස වාර්තා වුණා.

එමෙන්ම රත්නපුරයෙන් සෙල්සියස් අංශක 37.2ක උෂ්ණත්වයක් වාර්තා වූ අතර වවුනියාවෙන් වාර්තා වුණේ සෙල්සියස් අංශක 36.5ක් ලෙසයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ගතවූ පැය 24 තුළ කොළඹ දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.9ක් වනවා.

(colombotimes.lk)