15 February 2026

logo

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි



මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු දෙකක් අද විවෘත කළ බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා පවසනවා. 

ඒ මධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වැසි තත්වය හේතුවෙන්. 
 
එම වාන් දොරටු දෙකෙන් තත්පරයට ගණ අඩි 4,000 ක ජල ධාරාවක් මොරගහකන්ද ජලාශයේ ජලය ඇළහැර අමුණ දෙසට මුදා හැරෙනවා. 
 
මේ අතර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා කියා සිටියේ ඉදිරියටත් වැසි පැවතිය හොත් මොරගහකන්ද ජලාශයේ ජලය මුදා හැරීම තවදුරටත් සිදුවිය හැකි බවයි.
(colombotimes.lk)