11 August 2025

logo

නව කොවිඩ් ප්‍රභේදයක් රටවල් 27ක් ආක්‍රමණය කරයි



නව කොවිඩ් ප්‍රභේදයක් මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පෝලන්තය, නොර්වේ, ලක්සම්බර්ග්, යුක්‍රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27කින් සාම්පල 500කම එම ප්‍රභේදය අඩංගු වූ බවයි වාර්තා වන්නේ.

ඩෙන්මාර්කය, ජර්මනිය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානියේ එක්ස්. ඊ. සී නව කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබෙනවා.

මෙම නව කොරෝනා ප්‍රභේදය ප්‍රථමවරට ජුනි මාසයයේදී ජර්මනියේදී හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)