11 August 2025

logo

ඉරාන ජනපතිගෙන් ඇමරිකාවට යෝජනාවක්



ඉරානය සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීමට පෙර ඇමරිකාව තම රට කෙරෙහි ඇති සතුරුකම් අවසන් කළ යුතු බව ඉරාන ජනපති Masoud Pezeshkian පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පසුගිය ජූලි මාසයේදී ජනාධිපතිවරයා වශයෙන් පත් වීමෙන් පසු පළමු මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්.

යුක්‍රේනයට එරෙහි යුද්ධය වෙනුවෙන් ඉරානය රුසියාවට ආයුධ සපයා ඇති බවට චෝදනා කරමින් ඇමරිකාව සහ බටහිර රටවල් විසින් ඉරානයට පසුගියදා සම්බාධක පැනවීමට තීරණය කළා.

කෙසේ වෙතත් ඉරාන ජනාධිපතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ සම්බාධක පැනවීමට හේතුවක් විය හැකි කිසිදු ආයුධයක් ඉරානය රුසියාවට ලබා දී නොමැති බවයි.

 
(colombotimes.lk)