15 September 2025

logo
INTERNATIONAL
POLITICAL


හෙට සිට නැවතත් වැසි වැඩිවෙයි



බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දැනට වියලි කාලගුණයක් පවතින නැගෙනහිර සහ ඌව පළාත්වලද හෙට දිනයේ වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරුමැද, දකුණ, වයඹ, ඌව සහ නැගෙනහිර යන පළාත්වලත් පැයට කිලෝමීටර 40ක් පමණ දක්වා තරමක තද සුළං ඇතිවිය හැකියි.
(colombotimes.lk)