05 February 2026

logo

අදත් සවස් කාලයේදී වැසි



බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල අද (05) ප.ව. 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.  

මධ්‍යම, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එමෙන්ම අද දින (05) දහවල් 12:12 ට බලපිටිය, ඇල්පිටිය, මොරවක සහ තිස්සමහාරාමය යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බව ද එහි සඳහන් වනවා.

(colombotimes.lk)