05 February 2026

logo

අද සවස් කාලයේදී වැසි



දිවයිනේ පැවති අධික වියළි කාලගුණික තත්වයේ තාවකාලික වෙනසක් අද සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, නැගෙනහිර, මධ්‍යම, දකුණු, වයඹ සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළහැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

(colombotimes.lk)