02 April 2025

INTERNATIONAL
POLITICAL


අද සවස් කාලයේදී වැසි



බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල අද (06) ප.ව. 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.  

මධ්‍යම, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එමෙන්ම අද දින (06) දහවල් 12:12 ට බලංගොඩ, කල්තොට සහ වාද්දුව යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බව ද එහි සඳහන් වනවා.
(colombotimes.lk)