16 July 2025

logo

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි



බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ දිවයිනේ බොහෝ පළාත්වලට අද (18) දහවල් 12.00න් පමණ පසුව මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ, පහළ මට්ටමේ වායුගෝලීය කැළඹීම දිවයින ආසන්නයේ තවමත් පවතින බැවින් වැසි තත්වය තවදුරටත් පවතින බවයි.

ඒ අනුව දකුණු පළාතේ විටින් විට පැයට කිලෝමීටර් (30-40) පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සඳහන්.
(colombotimes.lk)