21 January 2026

logo

අද ගිගුරුම් සහිත වැසි



බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (01) මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එහි දැක්වෙන්නේ පෙර-මෝසම් කාලගුණික තත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

දිවයින පුරා විටින් විට පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.
(colombotimes.lk)