 
                        පිටසක්වල ජීවින් ගැන ඔබ අසා ඇතිනේ? මෙම ජීවින් සම්බන්ධයෙන් මිනිස් සිතේ පවතින්නේ හරිම ගුප්ත හැඟීමක්. 
ඒ වගේම තමයි පිටසක්වල ජීවින් පෘථිවියට පැමිණි බවට සහ අප අතරම ජීවත්වන බවටත් අපි විශ්වාස කරනවා. 
එතනින් එහාට ඔවුන්ගේ පැමිණීම සහ හඳුනා නොගත් යානා පිළිබඳව ඇත්තේ වෙනස්ම අදහසක්. 
ඒ අනුව හඳුනා නොගත් යානා (UFO - Unidentified flying object) පෘථිවියට පැමිණීම සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.
ඒ වගේම තමයි මෙම අවස්ථා වලදී ලබාගත් රේඩාර් සංඥා, තාප දත්ත, වීඩියෝ සහ ඡායාරූප පවා විශ්ලේෂණයට ලක්කර ඇති බව සඳහන්.
එම අවස්ථා ඇසින් දුටු සාක්ෂිකරුවන් පවා සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ සම්බන්ධයෙන් පෙන්ටගනයේ නව All-domain Anomaly Resolution Office (AARO) ආයතනය විසින් අදහස් දක්වා තිබුණා. 
ඔවුන් පවසන්නේ සාමාන්‍ය ජනතාව මෙසේ දකින සියල්ල විශ්වාස කිරීම මේ වනවිට පවතින විශාලතම ගැටලුව බවයි.
එමෙන්ම පිටසක්වල ජීවින් පෘථිවියට පැමිණීම පිළිබඳව හෙළිවූ කරුණු තවමත් ඇත්තේ පරීක්ෂණ මට්ටමේ බවද එම ආයතනය පවසනවා. 
ඒ අනුව මෙතෙක් වාර්තා වූ සිදුවීම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සාක්ෂි පහතින්.,
 
(Vimarshana Samarakoon @ COLOMBO TIMES) 
Kumburgaz, Turkey; 2007-2009


Weyauwega, Wisconsin; February, 2003


Stephenville, Texas; January 8, 2008 

McMinnville, Oregon; May 11, 1950

Lake Cote, Costa Rica; September 4, 1971 

Tepoztlán, Mexico; June 7, 1992 

 
 

