30 August 2025

logo

අදත් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්



අද (05) දිනයේ උෂ්ණත්වය ඉහළ යාම සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, දකුණු පළාත්වල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය 'අවදානම්' මට්ටම දක්වා ඉහළ යනු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරන ලෙසත්, සැහැල්ලු සහ ලා පැහැති ඇඳුම් අඳින ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

(colombotimes.lk)