15 September 2025

logo
INTERNATIONAL
POLITICAL


තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි



අද (09) පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකයි.

උතුර, දකුණ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල උදැසන කාලයේ දී වැසි ඇතිවන බව සඳහන්.

මීට අමතරව ඌව පළාත සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම සහිත තත්ත්වයක් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
(colombotimes.lk)