05 February 2026

logo

වැසි ළඟ බව කාලගුණය කියයි



බස්නාහිර, නැගෙනහිර, ඌව සහ සබරගමු පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණික තත්වය අද (26) සිට තාවකාලිකව වෙනස් වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
(colombotimes.lk)