08 November 2024


වසර 5කට පසු සිංහයන්ට ලැබුණු විශිෂ්ට ජය



සංචාරක නවසීලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

5වන දිනය සඳහා අද තරගය ආරම්භ කරන විට නවසීලන්තයට තරගයේ ජය ලබා ගැනීමට තවත් ලකුණු 68ක් අවශ්‍ය වූ අතර ශ්‍රී ලංකාවට තරගයේ ජය ලබා ගැනීම සඳහා කඩුලු 2ක් ලබා ගැනීමට සිදුව තිබුණා.  

ඒ අනුව අද නවසීලන්ත කණ්ඩායම තවත් ලකුණු 4ක් රැස් කර ගන්නා විට කඩුලු 2 බිඳ දමන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරයක් ජයග්‍රහණය කළේ වසර 5කින් වීමද විශේෂත්වයක්.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගය තරග 1 - 0ක් ලෙස පෙරමුණ ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කර ගෙන තිබෙනවා.

(colombotimes.lk)